Friday, May 28, 2010

නාලනි නැන්දාව බෙලුහුල් ඔයේ නාවන්න ගෙනියන විට කියූ කවි

නාලනී නැන්දා ගේ ෆේසිබුක් එකේ වූ ඉහත සඳහන් කවිය කියවූ කවියෙක් මෙසේ කී ය!





අමතක වුනේ ඇයි නුඹට
භාරදිලා නේද මට
කොන් පරන්ස් එකකට
වර්නන් ගියේ පිටරට

නාලනී නැන්දා ගේ පිළිතුර
භාරදුන් නමුත්
තොප හට
එක්ක යන්නේ
මන්ද ඒකිව
...

කවියා
නාලා නෑ ඒකි සතියක් මෙපිට
අරගෙන යන්නෙ ඒකයි බෙලි හුල් ඔයට

නාලනී නැන්දා
නොනා හිටියත් ඒකි සතියක් මෙපිට
මන්දැයි අරන් යන්නේ බෙලිහුල්ඔයට
නානු ඔනෙනමි ඒකිට ඇති පමණ
වර්නන් හදල දුන්නා කක්කුස්සියක් ගෙට.
..

මෙය කියවූ මට මෙසේ ලියවුණි!!
හොදලා ගන්න හැදුවොත් නාලනි නැන්දා
බෙලිහුල් ඔයේ වතුරත් ඇතිවෙද මන්දා
අනේ අය්යෙ ඔය වැඩ හොඳ නැති හින්දා
මම නම් යනවා ලැජ්ජා බය ඇති හින්දා....

නාලනී නැන්දා ගේ පිළිතුර
ලැජ්ජා බයයි කිවිවත් මොකටද මන්දා
අරකිගෙ නෑම ගැන මෙතරමි වද වෙන්නා
මෙකිත් නාන් නැති එකියක් වග දන්නා
තව කවුරැවත් සිටි දැයි මම නමි දන්නා
..

මම
නාලනි නැන්දේ එපා තරහා අර ගන්න
කවියක් ලීවේ මම කවි රස විඳ ගන්න
කට්ටිය බලන් ඉන්නෙ තව කවි අහගන්න
තව කවි කියමු නැන්දේ මදි නොකියන්න!!!

හැබැයි අය්යෙ මේකෙ නොහොබින දේ ලියලා
ඉන්න එපා ලැජ්ජා බය අමතක කරලා
හැමදෙන එන්නේ රස විඳ ගන්නනෙ සොයලා
පොඩි අය නරක් වෙයි ඔය කවි පද දැකලා!!

No comments:

Post a Comment